Skip to main content

හෙට (24) පෙට්‍රල් ෂෙඩ් වර්ජනයක් ?


හෙට (24) පෙට්‍රල් ෂෙඩ් වර්ජනයක් ?

ඛනිජ තෙල් සංස්ථාව සතු සම්පත් විකුණාදැමීමට විරෝධය පළ කරමින් හෙට (24) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව අද 23 පැවති මාධ්‍ය හමුවකදී ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව දන්වා ඇත.
මාධ්‍ය සාකච්ජාවේදී අදහස් දක්වමින් ඛනිජතෙල් පොදුසේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා කියා සිටියේ
ත්‍රිකුණාමලයේ

ඉන්ධන ටැංකි ඉන්දියාවට පැවරීම ඇතුළු කාරණා තුනක් මුල් කරගනිමින් ඛනිජ තෙල් එකමුතුව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවකි.
හෙට උදෑසන වන විට කොළොන්නාව නිමාවෙන් එක් බවුසරයක් හෝ පිටත් නොවන බවත් මුතුරාජවෙල තෙල් ටැංකි සංකීර්ණයෙහි ප්‍රවාහන කටයුතු සම්පුර්ණයෙන් අඩාල වනු ඇති බවත් ඒ අනුව ඔහු අනතුරු ඇඟවුයේය.
පිරිපහදුවේ කටයුතු තාවකාලිකව පවත්වාගෙන ගියත් කොළොන්නාවට පොම්ප කිරීමේ කටයුතු සම්පුර්ණයෙන්ම අඩාල වනු ඇති බවත් දිනකට පසුව ආණ්ඩුව නිවැරදි තීරණයක් නොගන්නේ නම් පිරිපහදුවේ කටයුතුද ඇණහිටිනු ඇති බවත් අවධාරණය කළ රන්වල මහතා සඳහන් කළේ කටුනායක ගුවන් යානා සඳහාද ඉන්ධන ලබා දීම නතර කරන බවයි.
ඛනිජ තෙල් සංස්ථාව සතු දේපල සුරක්ෂිත කිරීමේ සහතිකය ලබා දෙන තෙක් වැඩවර්ජනය අඛණ්ඩව පවත්වා ගෙන යන බවද ඔහු පවසා තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ අමාත්‍ය චන්දිම වීරක්කොඩි ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි ඉන්දියාවට කිසිම ආකාරයකින් විකුණන්නට ඉඩදී නැති බවත් 2003 වසරේ සිට රජයන් 4ක් බදු මුදලකට යටත්ව ඉන්දියාව සමග ගනුදෙනු කරන බව පමණක් දන්වා ඇති අතර තමා වෘත්තිය සමිති සමග හෙට 24 සාකච්ඡාවක් කැඳවා ඇති බවත් ඒ අය වැරදි අවබෝධයකින් කටයුතු කරන බවත් කලබලවන්නට අවශ්‍යතාවයක් නැති බවත් දන්වා ඇත.

රජය අපහසුතාවයට පත්වන ආකාරයේ දෙයක් එම සමිති මගින් සිදුකරන්නේ නැතැයි තමාට විශ්වාස බවද ඔහු පවසයි.
කෙසේ වෙතත් ඛනිජ තෙල් එකමුතුව දන්වා ඇත්තේ ඔවුනගේ ගැටලුවට ඇමතිවරයා සමග සාකච්ඡාවකට යන්නේ නැති බවයි.

http://www.gossiplankanews.com/2017/04/ceypetco-strike.html

Comments

Popular posts from this blog

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740