Skip to main content

බීබීසී සිංහල සන්දේශය වසර 22 කට පසු නවතී

එංගලන්තයේ ලන්ඩන් නුවර සිට වසර 22 ක් පුරා  ශ්‍රී ලංකාවට ප්‍රවෘත්ති ගෙන ආ බීබීසී සිංහල සන්දේශය ගුවන් විදුලි වැඩසටහන අද (30) වනදා අවසන් කර තිබේ. ඒ අනුව මින් ඉදිරියට බීබීසී මගින් විධිමත් අඩ
හෝරාවක ගුවන් විදුලි වැඩසටහනක්

ගෙන එන්නේ නැත.
ඉදිරියේදී ඔවුන් බීබීසී වෙබ් අඩවිය හා සමාජ මාධ්‍ය පමණක් යාවත් කාල කරන බව අවසන් වැඩසටහනේදී දැනුම් දුන් අතර සිරස නාලිකාවෙන් විනාඩි 5 ක සිරස්තල ප්‍රකාශනය ඉදිරියට ගෙන එන බවද දන්වා ඇත.
ශ්‍රී ලංකාවේ 1989 භීෂණ සමයේ හැමතැනින්ම වාරණය වූ ප්‍රවෘත්ති කෙටි තරංග ඔස්සේ විදේශයක සිට ගෙන එමින් ජනතාව අතර ජනප්‍රිය වූ බීබීසී සිංහල සන්දේශය පසු කලෙක යුද පුවත් වාර්තාකරණයේදීද ඉදිරියෙන් සිටියේය.
බීබීසී නාලිකාව ලෝකය පුරා විවිධ භාෂාවන් ඔස්සේ සන්දේශය හා සමාන වැඩසටහන් පවත්වාගෙන ගිය නමුත් පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම වියදම් කපාහැරීමේ තීන්දුව මත එවැනි වැඩසටහන් නවතා දැමීමට සූදානම්වූ බවද වාර්තා විය.
වර්තමානයේ කෙටි තරංග ඔස්සේ විදෙස් ගුවන් විදුලි වැඩසටහන් ශ්‍රවණය කිරීම විරල වාතාවරණය තුළ මෙම වැඩසටහන නවතා දැමීමට ඒ අනුව කටයුතු යෙදී තිබේ.
මෙම වැඩසටහන නතර කරමින් බීබීසිය මෙසේ කියා තිබේ.

‘කෙටි තරංග විකාශනය අවසන් කිරීමත් සමග ඇරඹෙන්නේ බීබීසී සිංහල සේවය සිය වෙබ් අඩවිය හා සමාජ මාධ්‍ය කෙරෙහි වැඩි වශයෙන් නැඹුරුවන නව යුගයකි. එහිදී විවිධ මාධ්‍ය අතර සරන සිංහල භාෂාව කතාකරන ග්‍රාහකයින් කෙරෙහි අපගේ අවධානය යොමුවේ.වසර 22ක කාලයක් එක්ව සිටි සිය ශ්‍රාවකයින් වෙත බීබීසී සිංහල සේවය ස්තුතිය පළ කරයි.‘

http://www.gossiplankanews.com/2017/04/bbc-sandeshaya-close-down.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html