Skip to main content

පාසල් වයසේ ළමයින් 1,400කට සමාජ රෝග

2016 වර්ෂයේ දිවයින පුරා ලිංගාශ්‍රිත රෝග සායනවලට රෝගීන් 35,000ක් පමණ පැමිණ තිබෙනවා. ඉන් සියයට 4%ක් හෙවත් 1,400ක් පමණ වයස අවුරුදු 18ට අඩු ළමයින් යැයි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.
අධ්‍යක්ෂවරයා මෙසේ ද කීය. 2016 වර්ෂයේ දිවයින පුරා ලිංගාශ්‍රිත රෝග සායනවලට රෝගීන් 35,000ක් පමණ පැමිණ තිබෙනවා. ඉන් සියයට 4% ක් හෙවත් 1,400ක් පමණ වයස අවුරුදු 18ට අඩු ළමයින්. වයස අවුරුදු 25ට අඩු අය 3,500ක් පමණ ඉන්නවා. තවත් මේ හා සමාන සංඛ්‍යාවක් තමන්ට
රෝගයක් ඇති බව නොදැන සමාජයේ ජීවත් වෙනවා. ඒ වගේම වයස අවුරුදු 15 - 25 අතර පසුවන එච්.අයි.වී. ආසාදිතයන් 25 දෙනකු 2016 දී හඳුනාගෙන තියෙනවා. ලංකාවේ සමලිංගික සබඳතා පවත්වන්නන් දසදහසක් පමණ දැනට හඳුනාගෙන තියෙනවා. මොවුන් අතර බහුතරයක් වයස අවුරුදු 12 - 25 අතර පසුවන්නන්. ඒ වගේම අන්තර්ජාලයෙන්, දුරකතනවලින් සමලිංගික සම්බන්ධතා පවත්වන්නන් සිටිනවා. ගම්බද පාසල් සිසු සිසුවියන් සමාජ රෝගවලට ලක්වීමේ දැඩි අවදානමක් තියෙන බවට හඳුනාගෙන තියෙනවා.
පාසල් පෙළ පොත්වලින් පාසල් සිසු සිසුවියන් දැනුවත් විය යුතු ලිංගික කරුණු දක්වා තිබුණද බොහෝ පාසල් ගුරුභවතුන් එකී පරිච්ඡේද මඟ හරින තත්ත්වයක් දක්නට ලැබෙනවා. ඒ නිසා පාසල් සිසු සිසුවියන්ට පාසලේ දී ලැබිය හැකි දැනුම නොලැබී යෑම ලොකු ගැටලුවක්. මේ ගැන අපේ අවධානය යොමු වී තිබෙනවා. ලිංගාශ්‍රිත රෝග සම්බන්ධයෙන් පාසල් ගුරුභවතුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට අදහස් කර තියෙනවා.
පාසල් ආශ්‍රිතව ලිංගාශ්‍රිත රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීම සඳහා බොහෝ විදුහල්පතිවරුන් සහාය දෙන්නේ නෑ.

බද්දේගම - ඕ. කමලනාථ,
ඉමදුව - ටී. විතානවසම්

http://www.gossiplankanews.com/2017/04/1400-std-students-in-sri-lanka.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html