Skip to main content

පණ අදිද්දි කිසිවක් කරේ නෑ පස් ඉවත් කරන යන්ත්‍ර ගෙනාවෙ පැය 13 කින් - මීතොටමුල්ලේ හංගපු කතාව


මියගිය අය පණ අදිද්දි කිසිවක් කරේ නෑ
පස් ඉවත් කරන යන්ත්‍ර ගෙනාවෙ පැය 13 කින්

විශාල පිරිසක් බව දැනදැනත්
මුලදී මරණ 1 ක් කියා සුළු සිද්ධියක් ලෙස පෙන්නුවා

මීතොටමුල්ලේ හංගපු කතාව



රටම කළඹමින් පසුගියදා මීතොටමුල්ල කුණුකන්ද අවට සිද්ධවූ නිවාස ජීවිත හානිය සුළු සිද්ධියක් ලෙස මුලදී සඟවන්නට රජය ක්‍රියා කළ බවත් සිද්ධියෙන් පැය 13 වනතුරු පණ අදින අය ගලවාගන්නට පස් අදින යන්ත්‍රයක් හෝ ගෙන්වන්නට කිසිදු නියෝගයක් ලැබී තිබුනේ නැති බවත් එසේ කළේ නම් අඩු තරමේ ජීවිත විනාශය තවත් අඩු කරගන්නට හැකියාව තිබුණ බවත් 2011 වසරේ සිට කොලොන්නාව කුනුකන්දට එරෙහිව සටන් වදින කැදවුම්කරු නීතිඥ නුවන් බෝපගේ මාධ්‍ය වෙත දන්වා තිබේ. ඔහු පවසන පරිදි එක් එක් අය දේශපාලන වාසි ගන්නට
උත්සාහ කළත්
මෙම සිද්ධියට පැවති රජයන් දෙකම වගකිව යුතු බවයි. දේශපාලනඥ හිතවතුන් මිලියන ගණන් වාසි ලබන ටෙන්ඩර වලට කුණු ඉවත්කිරීමේ කොන්ත්‍රාත්තු ලබාගෙන පසුගිය රජය යටතේ ජනතා විරෝධය නොතකමින් මෙහි කසල දැමීම ඇරඹූ බවත් එම මුදල් තණ්හාව නිසා ප්‍රමිතියකින් තොරව පරිසරය හෝ ජනතාව ගැන නොතකා කුණුකන්දක් නිර්මාණය වූ බවයි.
ඔහු මේ ගැන දක්වා තිබෙන අදහස් මෙසේය.

“2011 වසරේ සිට මේ ස්ථානයෙ කුනු දමන එකට එරෙහිව මීතොටමුල්ල ගම්වාසින් උද්ඝෝෂණ 15කට වැඩිය කළා. මහින්ද රාජපක්ෂ පාලනය එදා කදුලු ගෑස් ගැහුවා. ඉන්පස්සෙ මේ රනිල් මෛත්‍රි ආන්ඩුව කළේත් උද්ඝෝෂනයට කදුලු ගෑස්, ජල ප්‍රහාර එල්ල කළ එකයි. එදා අපට ගහන්න එවපු පොලිසිය, හමුදාව දැන් මේ කුනුකන්දට යටවෙච්ච දරුවන්ගෙ මළසිරුරු කෑලි අහුලන්නත් මෙතනට එවලා තියෙනවා.මේ කුනුකන්ද දේශපාලකයන්ට මුදල් ආකරයක්. කොළඹ නගර සභාවෙ මිලියන 600 කුනු ටෙන්ඩරය ඡන්දෙන් පත්වුණු උන් මිලියන 800ට විකුණලා මිලියන 200ක් බෙදාගත්තා. අපේ දරුවො අපේ පවුල්වල සාමාජිකයෝ දැන් මේ කුනුකන්දට යටවෙලා.
පහුගිය 2015 පෙබරවාරි මාසෙ අගමැති රනිල් වික්‍රමසිංහ අපට සාකච්ඡාවක් දීලා පොරොන්දු වුණේ මේ ප්‍රශ්නය  මාස 6කින් විසදනවා කිව්වා.නමුත් කළේ නෑ.
ඒ නිසා අපි කියනවා මහින්දලා, රනිල්ලා, මෛත්‍රිපාලලා මේ මිනිමැරුම් සම්බන්ධව චෝදනාවට ලක්කරනවා. ඔවුන් වගකිවයුතු මිනිමැරැම් මේවා.
මරික්කාර්ලා දුමින්ද සිල්වලා වාගේ ප්‍රාදේශීය නායකයො දේශපාලන වාසි ලබාගත්තා. මේ දක්වා විවිධ වාසි නිසා කල්බැලූ පාලකයන්ට කියනවා නුඹලා දැන් ඉල්ලා අස් වියයුතුයි.
14 වෙනිදා හවස 1.00ට සිදුවීම වුනේ. ඒ එක්කම බේරෙන්න පුලුවන් මිනිස්සු එතැනින් ඉවත්වුනේ ඇදගෙන හිටිය අදුමින්. නමුත් තවත් මිනිස්සු, දරුවො යට වුණා. රෑ 2.00 වෙනකම් මේ යටවුණ සුන්බුන් ඉවත්කරන්න කවුරුත් යෙදෙවුවෙ නෑ. හමුදාව, පොලිසිය 500ක් විතර සන්නද්ධව ඇවිත් හිටියට නියෝග දෙනකම්ම මොකුත් කලේ නෑ. සවල් අරගෙන ගමේ අය බලාගෙන හිටියා තමන්ගෙ අසල්වැසියො, ඥාතියො බේරගන්න. අන්තිමේට කිසිම පියවරක් නොගන්න නිසා මිනිස්සු කුනු කන්ද හාරන එක්ස්කැවේටර් එක බලෙන් අරගෙන හාරන්න පටන් ගත්තෙ. අපි කියනවා මේ මිනිමැරුම්වලට වගකිවයුතු උන් දැන් වතුර බෙදන්න, සහනාධාර දෙන්න එන්න එපා. දැන් අපේ පවුල් වැනසිලා ඉවරයි. දැන් මොනවටද සහන දෙන්න එන්නෙ.
සමහර මාධ්‍ය කිව්වෙ සුලු කඩා වැටීමක්, එක මරණයක් විතරයි කියලා.
මේ කුනුකන්දට එරෙහිව සටන් කළ කීර්තිරත්න මහත්තයගෙ දුවයි, බෑනයි, මිනිපිරියගෙයි සිරුරු කෑලි දැන් ගොඩ ගත්තා. මේ විපත වෙයි කියලා නෙවෙයි, නමුත් කුනුකන්ද අයින් කරන්න කියලා සටන් කරපු අපිත් එක්ක පෝස්ටර් ගහපු මනුස්සයාට එහෙම වුණා. ඒ වගේම අපිත් එක්ක සටන් කරපු සමහර මිනිස්සු මේ කුනුකන්දට යටවෙලා ඉවරයි.
මෙහි ඉන්නෙ ස්ථිර පදිංචිකරුවන්.සමහර ජනමාධ්‍ය ආයතනමේ අයට අනවසර පදිංචිකරුවො කියලා ඉතාම නින්දිත ප්‍රචාරයක් ගෙනයනවා. ප්‍රාදේශීය ලෙක්ම් නිවේදන එව්වලු අයින් වෙන්න කියලා. එහෙම කිසිදම දෙයක් වෙලා නෑ. කිව්වත් මෙතනින් යන්න පුලුවන්ද. මේ අපි කනුකන්දක් ළගට ඇවිත් පදිංචි වුනා නෙවෙයි. මේ කුනු කන්දයි බලෙන් ගෙනල්ලා දැම්මෙ.
මීට අවුරුදු දෙකකට ගෙවල් කැඩීමේ අවදානමක් තිබුනා. ඒ වෙලාවෙ ලක්ෂ 15ක් දුන්නා ඉවත් වෙන්න කියලා.මේ පොලොව අඩි 40ක් උඩට ඇවිත් නිවාස යටවුණාම මේ වනවිට සමාගම් 60ක් වාර්තා ඉදිරිපත් කලා මේක යට තියෙන්නෙ මිලියන 200ක කුට්ටියක්.මේ කුනුකන්ද පවත්වානෙ යන්නයි මේ ගමේ පදිංචි මිනිස්සු එලවන්න උත්සාහ කළේ. එ්කට අපි විරුද්ධයි.“



http://www.gossiplankanews.com/2017/04/meethotamulla-hidden-story.html

Comments

Popular posts from this blog

රමිත් රඹුක්වැල්ල නටාලි සමග යුග දිවියට

රමිත් රඹුක්වැල්ල නටාලි සමග යුග දිවියට හිටපු ඇමති කෙහෙළිය පුත් ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල ඊයේ කොළඹ ගාලු මුවදොර හෝටලයේදී විවාහ ගිවිසුමට පිවිසියා. ඔහු අතගත්තේ ඇමරිකාවේ වාසය කරන ශ්‍රීලාංකික තරුණියකවූ නටාලි ෂෙනලි සමගයි. ඔවුනගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය චාම් අන්දමින් පැවති අතර විවාහය වෙනුවෙන් වෙනම උත්සවයක් ඉදිරියේදී ගන්නා බවද වාර්තා විය. http://www.gossiplankanews.com/2017/05/ramith-rambukwella-wedding.html

මේනකාව බඳින එක මගේ ජීවිතේ හොඳම තීරණයයි - රනිල් කුලසිංහ

රංගනයේදී කාවවත් විශේෂ නැති වුණාට ජීවිතයට නම් විශේෂ කෙනෙක් හොයාගෙනනේ ඉන්නේ? ඔව්. මම මගේ සහකාරිය කරගන්න කෙනාව තෝරා ගත්තා. මේනකාව තමයි මම තෝරා ගත්තේ. යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි අපි දෙන්නා හඳුනා ගන්නේ. ඊට පස්සේ අපි යාළුවෝ වෙලා කාලයත් එක්ක ඒක ආදරයක් බවට පෙරළුණා. අපි දැන් බොහොම සතුටින් ඉන්නවා. මේ, ජීවිතයේ ගත්ත හොඳම තීරණය කියලා හිතනවද? ඔව්. මම මගේ ජීවිතයේ හොඳම තීරණය අරගෙන තියෙන්නේ. මම මගේ පෞද්ගලික ජීවිතේ තීරණ ගනිද්දී පවුලේ අයත් එකතු කරගන්නවා. මගේ තීරණවලට බලපෑම් කරන්න පුළුවන් මගේ මවුපියන්ට විතරයි. ඉතිං මම ගත්ත තීරණයට එයාලත් කැමති වුණා. රනිල්ගේ හිත මේනකා ළඟම නතර වෙන්න විශේෂ කාරණයකුත් තියෙන්න ඇතිනේ? එක එක කෙනාගේ හිතේ තමන් කැමති කෙනෙක්ගේ රූපයක්, විදිහක් ඇඳිලා තියෙනවානේ. මේනකාව දැක්ක ගමන් මට වෙනසක් දැනුණා. කතා කරන විදිහ, හැසිරෙන විදිහේ වෙනසක් තිබුණා. ඒ වගේම එයා යමක් කළොත් හරිම නීට්. ජීවිතයේදී හරිම සැලසුම් සහගතයි. ඉතිං ඒ වගේ කෙනෙක් ජීවිතයට එකතු කරගත්තොත් ඒක පහසුයි. ඒ වගේම එයා මගේ අම්මටත්, එයාගේ අම්මට වගේම ආදරෙයි. මේ හැමදේම ගොඩක් වටිනවා. මේනකා හොඳ පෙම්වතියක් වුණා වගේම හොඳ බිරියක් වෙයි කියලා හිතනවද? ...

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html