Skip to main content

සැමියාගේ යාළුවන් 10 ක් බිරිය සමූහ දූෂණය කර වීඩියෝව ඉන්ටර්නෙට් දැම්මාට පරීක්ෂණ


සැමියාගේ යාළුවන් 10 ක් බිරිය සමූහ දූෂණය කර
වීඩියෝව ඉන්ටර්නෙට් දැම්මාට පරීක්ෂණ

ගම්පොළ සිංහාපිටිය ප්‍රදේශයේ තරුණ මවක් දස දෙනකු අතින් සමූහ දූෂණයට ලක්වීමේ සිද්ධියක් හා එම සිද්ධිය අන්තර්ජාලයට යොමු කළ අය ගැන විශේෂ පොලිස් පරීක්ෂණයක් අරඹා තිබේ.
ආබාධිත යුද හමුදා සෙබළකුගේ බිරියක බව කියන මෙම එක් දරු මවට මෙම හිංසනයට ලක්වන්නට සිදුව ඇත්තේ සෙබළාගේම හිතවතුන් 10 දෙනෙකු
නිසාය. ඔවුන්

තම සැමියා සමඟ මත්පැන් බීමට එකතු වූ තරුණයන් දස දෙනකු බව ඇය පොලිසියට දන්වා ඇත. සැමියා නිවෙසේ නොමැති අවස්ථාවක් බලා නිවසට පැමිණ එම 10 දෙනා එකින් එක්කෙනා බැගින් පැමිණ තමා සමග අඹුසැමි හැසිරීමක නිරතවූ බවත් මෙම අපරාධය සිදු කරන අවස්ථාවේ ජංගම දුරකථන මගින් එය වීඩියෝගත කිරීමටද ඔවුන් කුරිරු ලෙස කටයුතු කළ බවත් ඇය පවසා තිබේ.
මීට වසරකට පමණ එපිට සිදුවූ අතවර සිද්ධිය සම්බන්ධයෙන් ඇය අනතුරුව ඒ දිනවලම ඥාතීන්ද දැනුවත් කර ගම්පොළ පොලිසිය වෙත පැමිණිලි කර තිබෙන අතර පොලිසිය විමර්ශනය කොට ඊට අදාළ දස දෙනා අත්අඩංගුවට ගෙන තිබුණි. පසුව ගම්පොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් සියල්ල රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
කෙසේ වෙතත් ඔවුන් සම්බන්ධ නඩුව වසරක් තිස්සේ විභාග වෙද්දී දිගින් දිගටම ඇප ලබාදී තිබුනේද නැත.රක්ෂිත බන්ධනාගාර ගතව දිගු කාලයක් එහි ගත කළ ඔවුන් පසුව පසුගිය මාසයේ ඇප ලබා එළියට ඇවිත් තිබේ.
අනතුරුව ඔවුන් මෙම කාන්තාවගෙන් පලිගැනීමේ අටියෙන් එම සමූහ දූෂණ වීඩියෝව අන්තර්ජාලයට මුදා හැර ඇතැයි කියැවේ.
ඇය නැවත වතාවක් පොලිසියට ගොස් මෙම හිරිහැරය දන්වා සිටින්නේ ඒ අනුවයි. ඇගේ පැමිණිල්ලට අනුව අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව විසින් විශේෂ පරීක්ෂණයක් දැන් අරඹා ඇත.
මීට වසරකට පෙර මෙම තරුණ මව සිය දරුවා සමඟ නිවෙසේ සිටියදී ප්‍රදේශයේ තරුණයන් ඇතුළු දස දෙනකු එක්ව සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියෙන් පසු මෙම දස දෙනාගෙන් එක් අයකු හෝ කීප දෙනකු එක්වී මෙම වීඩියෝ දර්ශන අන්තර්ජාලයට දමන්නට ඇති බවට සැක කෙරේ.‍
මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියක් ඇතුළු කණ්ඩායමක් ගම්පොළට පැමිණ මේ සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කරගෙන තිබෙන බවද වාර්තා වෙයි.

http://www.gossiplankanews.com/2017/04/10-victim-incident-gampola.html

Comments

Popular posts from this blog

ස්විස් විවාහෙ කඩාගෙනයි මං ගාලු ජනතා සේවෙට ආවෙ - තනතුරු අහිමිවීමෙන් පසු ගීතා කියයි

උසාවි තීන්දුව ප්‍රකාරව සිය මන්ත්‍රී ධූරය අහිමිවන බව දැනගැනීෙමන් පසු ගීතා කුමාරසිංහ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාෙව්දී මෙසේ කියා සිටියාය. 'මම උසාවියේ තීන්දුවට හිස නමනවා. අපේ රටේ සියලුම පුරවැසියන්ට තියන අයිතියක්.තමන්ට විරුද්ධව මෙවැනි දෙයක් වුණහම ඊට ඉහළින් තියන උසාවියකට යන එක. ඒ නිසා මම ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක් ගොනු කරන්න සියල්ල සූදානම් කර තියෙනවා. 65000 ක් මට ඡන්දෙ දීපු ජනතාවට වෙච්ච අසාධාරණයක් මේක. කලබල වෙන්න එපා ශ්‍රේෂ්ඨාධිකරනයේ තීන්දුව එනතුරු බලා ඉමු. අනිත් එක මං ජනතාවට කියනවා ස්විට්සර්ලන්තයේමට තිබිච්ච සියලු සම්පත් මං අතෑරල දාලා ඒ පුරවැසිභාවය අයින් කරගත්ත කෙනෙක් හැටියට මම කණගාටු වෙනවා. අද මෙවැනි තත්වයකට මාව ගෙනාවෙ පැරදිච්ච එක්කෙනෙක් මෙතැන්ට එන්න කරන උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසයි. මේ මුකුත්ම නෑනෙ මම ආණ්ඩුවට එකතු වුණානම්. මගේ දේවල් සියල්ල නැති කරගනිමින් විවාහයේත් ප්‍රශ්න ඇති කරගනිමින්. මම ජනතාව වෙනුවෙන් පෙනී හිටපු කෙනෙක්. ඒක අදත් කරනවා මං හෙටත් කරනවා. මොනදේ නැති වුණත් මං තාම ගීතා කුමාරසිංහ.' http://www.gossiplankanews.com/2017/05/geetha-speaks.html

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

ස්ට්‍රයික් කරන දොස්තරලාට තෙල් නොගසන ෂෙඩ්

http://www.gossiplankanews.com/2017/05/doctor-protest-oil-strike.html