Skip to main content

Posts

ගම්පොළදී කප්පම් ඉල්ලා දරුවෙකු පැහැර ගැනුණු සිද්ධියේ සම්පුර්ණ කතාව

පසුගිය 03 වන දා ගම්පොළ නගරයේදී වයස අවුරුදු දෙකයි මස 08ක් වයසැති පිරිමි දරුවෙකු සහ 26 හැවිරිදි ඥාති තරුණයෙකු අතුරුදහන් වී ඇති බවට දරුවාගේ මව විසින් ගම්පොළ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබුණා.... Read More http://www.hirunews.lk/sinhala/160747
Recent posts

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ගැන පළ වී ඇති වාර්තා අසත්‍යයි

මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අකර්මන්‍ය වී ඇති බවට පළ වූ වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව පොලිස් මූලස්ථානය පවසයි. http://sinhala.adaderana.lk/news.php?nid=72897

කේරළ ගංජා කිලෝ 4 ක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්‍රෑම් 4 ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලංගම උතුර ප්‍රදේශයේ සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල සිදුකරන ලද  වැටලීම් දෙකකදී සැකකරුවන් 4 දෙනෙකු සහ යතුරුපැදියක්... Read More http://www.hirunews.lk/sinhala/160746

අද සවස පළාත් කිහිපයකට තද වැසි ඇතිවිය හැකියි

අද(6) පස්වරු කාලයේ පළාත් කිහිපයකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. http://sinhala.adaderana.lk/news.php?nid=72896

පළාත් සභා සියල්ල පොදු සම්මුතියක් යටතේ ක්‍රියාත්මක විය යුතුයි

ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට නම් පළාත් සභා කටයුතුවල විධිමත් භාවයක් තිබිය යුතු මෙන්ම රජය සහ පළාත් සභා අතර සහයෝගය ද වර්ධනය විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. http://sinhala.adaderana.lk/news.php?nid=72895

රට ඉඳි සඳහා කිසිදු නව බදු පැනවීමක් සිදුකර නෑ

එළඹෙන රාමසාන් උත්සව සමයේදී ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන රට ඉඳි සඳහා කිසිදු නව බදු පැනවීමක් සිදු කර නොමැති බව මුදල් අමාත්‍යාංශයේ වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව පවසයි. http://sinhala.adaderana.lk/news.php?nid=72894

කළුතරදී ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙකු මරුට

කළුතර - නාගොඩ ප්‍රදේශයේදී මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මියගිය පුද්ගලයා 42 හැවිරිදි අයෙකු වන අතර, වෘත්තීයෙන්... Read More http://www.hirunews.lk/sinhala/160744

update - ගම්පොළ දරුවා පැහැර ගැනීමේ සිද්ධියේ මහමොළකරු අත්අඩංගුවට

ගම්පොළ  දරුවා පැහැර ගැනීම දරුවා සමග අතුරුදන් වූ බවට පැවසූ තරුණයා විසින් මෙහෙයවා ඇති බවට හෙළිව තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ මේ වනවිට ඔහු සමග මඩකලපුව - කරදියනාරු ප්‍රදේශයේ පදිංචි මවක සහ දියණියක... Read More http://www.hirunews.lk/sinhala/160743

කප්පම් ගැනීමට පැහැගත් දරුවා මඩකලපුවේදී හමුවෙයි

කප්පම් ගැනීම සඳහා ගම්පොළ ප්‍රදේශයේදී පැහැගත් කුඩා දරුවා මඩකලපුව,කරඩියනාරු ප්‍රදේශයේදී හමු වී ඇති බව වාර්තාවේ. http://sinhala.adaderana.lk/news.php?nid=72893

යතුරුපැදි නිෂ්පාදනයෙන් ඉන්දියාව පෙරමුණට

ලොව විශාලතම යතුරුපැදි නිෂ්පාදකයා ලෙස චීනය අභිබවා ඉදිරියට පැමිණීමට ඉන්දියාව සමත් වී තිබෙනවා. පසුගිය වසර කිහිපය තුළ වර්ධනය වූ ප්‍රවණතාවක් අනුවයි ඉන්දියාව මෙලෙස යතුරුපැදි වෙළඳපොළ අත්පත් කර... Read More http://www.hirunews.lk/sinhala/160741

රුපියල ශක්තිමත් වෙයි

අපනයනකරුවන් විසින් ඩොලර් විනිමය විකිණීමත්, ස්වෛරීත්ව බැඳුම්කර සහ සම්මිලිත ණය මුදල් ලැබීමේ අපේක්ෂාවෙන් රුපියල ශක්තිමත්වීමත් දැන් දක්නට ලැබෙනවා. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ දිනයේ... Read More http://www.hirunews.lk/sinhala/business/160740

මිය ගිය ළදරුවෙක් බේසමක

ගොකරැල්ල - මුරුතව ප්‍රදේශයේදී කාන්තාවක් විසින් දරුවෙකු ප්‍රසූත කර එම අවස්ථාවේදීම ඝාතනය කර තිබෙනවා. ඒ පිළිබඳව පොලීසියට ලැබුණු තොරතුරු මත කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ දරුවා ඝාතනය කිරීමෙන්... Read More http://www.hirunews.lk/sinhala/160739

මෝදි වතුකරයට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ශ්‍රී ලංකා සංචාරයේදී වතුකරයේ ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාව ද මුණ ගැසෙන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සඳහන් කළා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මැයි 12 වන... Read More http://www.hirunews.lk/sinhala/160738

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම ඉදිරි සතියේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන සතියේ පැවැත්වීමට නියමිතයි. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කළේ මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී ශ්‍රී... Read More http://www.hirunews.lk/sinhala/160737

උණුසුමත් සමඟ ජල ඉල්ලුම ඉහළට - කොළඹින් බැහැරට ජල සැපයුමේදී දුෂ්කරතා

වියළි කාලගුණයත් සමඟ පවතින දැඩි උණුසුම නිසා ජල ඉල්ලුම ඉහළ ගොස් ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ජල ඉල්ලුම සියයට 15කින් පමණ ඉහළ ගොස් ඇති බවයි එම මණ්ඩලයේ සංඛ්‍යා... Read More http://www.hirunews.lk/sinhala/160736

නදීශා හේමමාලි - මහින්ද සහ බැසිල් සමග එක්වේ

පසුගිය මැතිවරණයකදී එජාපය නියෝජනය කළ ඡන්ද අපේක්ෂිකාවක ලෙස කටයුතු කළ ටෙලි නිළි නදීශා හේමමාලි මුල්වරට මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ හා එක්ව ඡායාරූප වලට පෙනී සිටිමින් සිය ෆේස්බුක් ගිණුම වෙත ඒවා මුදාහැර තිබේ. http://www.gossiplankanews.com/2017/05/nadeesha-with-mahinda-basil.html

මේනකාව බඳින එක මගේ ජීවිතේ හොඳම තීරණයයි - රනිල් කුලසිංහ

රංගනයේදී කාවවත් විශේෂ නැති වුණාට ජීවිතයට නම් විශේෂ කෙනෙක් හොයාගෙනනේ ඉන්නේ? ඔව්. මම මගේ සහකාරිය කරගන්න කෙනාව තෝරා ගත්තා. මේනකාව තමයි මම තෝරා ගත්තේ. යාළුවෙක්ගේ මාර්ගයෙන් තමයි අපි දෙන්නා හඳුනා ගන්නේ. ඊට පස්සේ අපි යාළුවෝ වෙලා කාලයත් එක්ක ඒක ආදරයක් බවට පෙරළුණා. අපි දැන් බොහොම සතුටින් ඉන්නවා. මේ, ජීවිතයේ ගත්ත හොඳම තීරණය කියලා හිතනවද? ඔව්. මම මගේ ජීවිතයේ හොඳම තීරණය අරගෙන තියෙන්නේ. මම මගේ පෞද්ගලික ජීවිතේ තීරණ ගනිද්දී පවුලේ අයත් එකතු කරගන්නවා. මගේ තීරණවලට බලපෑම් කරන්න පුළුවන් මගේ මවුපියන්ට විතරයි. ඉතිං මම ගත්ත තීරණයට එයාලත් කැමති වුණා. රනිල්ගේ හිත මේනකා ළඟම නතර වෙන්න විශේෂ කාරණයකුත් තියෙන්න ඇතිනේ? එක එක කෙනාගේ හිතේ තමන් කැමති කෙනෙක්ගේ රූපයක්, විදිහක් ඇඳිලා තියෙනවානේ. මේනකාව දැක්ක ගමන් මට වෙනසක් දැනුණා. කතා කරන විදිහ, හැසිරෙන විදිහේ වෙනසක් තිබුණා. ඒ වගේම එයා යමක් කළොත් හරිම නීට්. ජීවිතයේදී හරිම සැලසුම් සහගතයි. ඉතිං ඒ වගේ කෙනෙක් ජීවිතයට එකතු කරගත්තොත් ඒක පහසුයි. ඒ වගේම එයා මගේ අම්මටත්, එයාගේ අම්මට වගේම ආදරෙයි. මේ හැමදේම ගොඩක් වටිනවා. මේනකා හොඳ පෙම්වතියක් වුණා වගේම හොඳ බිරියක් වෙයි කියලා හිතනවද?

බනිස් කැබැල්ලක් සිරවී දැරියක් නොඑන ගමන් යයි

හලාවත - මැල්පුර ප්‍රදේශයේදී බනිස් කැබැල්ලක් සිරවීමෙන් කුඩා දැරියක් මියගොස් තිබේ. http://sinhala.adaderana.lk/news.php?nid=72891

IPL තරගාවලියේ මුම්බායි පිළ ඉදිරියෙන්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙතෙක් පැවැති තරඟවලදී ප්‍රසාද ලකුණු 16ක් ලබා මුම්බායි ඉන්දියන්ස් පිළ ඉදිරියෙන් සිටිනවා. ප්‍රසාද ලකුණු 14 බැගින් ලැබූ කොල්කටා නයිට්රයිඩර්ස් පිළ සහ රයිසින් පූනේ... Read More http://www.hirunews.lk/sinhala/sports/160735

අරවින්ද ඉල්ලා අස්වුනේ ඇලන් ඩොනල්ඩ් ආපු නිසා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යවමින් වසරකට වැඩි කාලයක් තමන් සභාපතිත්වය දැරූ ක්‍රිකට් කමිටුවෙන් ඉවත් වීමට පෞද්ගලික කරුණු හේතුවෙන් තමන්ට සිදුවී තිබෙන බව අරවින්ද ද සිල්වා ප්‍රකාශ කර තිබුණි. අරවින්ද කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මේ වන විට ක්ෂේත්‍රයේ පැතිරෙන කටකතා වලින් කියැවෙන්නේ ඊට ආසන්නතම හා ප්‍රබලතම හේතුව ක්‍රිකට් කමිටුවේ එකඟතාවක් හෝ අනුදැනුමක් නොමැතිව දකුණු අප්‍රිකානු ජාතික ඇලන් ඩොනල්ඩ් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ උපදේශක පුහුණුකරුවකු ලෙසින් පත්කර ගැනීමයි. ඇලන් ඩොනල්ඩ්  හදිසියේම ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ පුහුණු උපදේශකවරයා වීම පිළිබඳව අරවින්දට තිබී ඇත්තේ විමතියකි. ඇලන් ඩොනල්ඩ් ශ්‍රී ලංකාවට පැමිණෙන තුරුම ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදැන සිටි අරවින්දගේ තර්කය වී ඇත්තේ “එයා ඇවිල්ලා මාසෙකින් මොනවා කරන්නද” යන්නයි. http://www.gossiplankanews.com/2017/05/aravinda-alen-donald.html